LOGO
    Bakmeedeniya Family Union

   "Unity is the symbol of strength"

සාමාජිකත්වය ලැබීමට සුදුසුකම.

අභයාලංකාර හේරත් මුදලිගේ චාර්ල්ස් වින්සන්ට් ප්‍රේරා බක්මීදෙණිය සහ රණතුංග මුදියන්සේලාගේ මුතු මැනිකේ මහත්මියගේ පරම්පරාවෙන් පැවත එන සියලු දෙනාත්, ඒ අයට විවාහයෙන් බැදෙන සියලු දෙනාත් සහ ඔවුන්ගේ දූ දරු පරම්පරාවෙන් පැවැත එන සියලු දෙනාත් නිතැතින් සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලබයි.

සාමාජිකයින් කොටස් පහකින් සමන්විත වේ.

සාමාන්යය සාමාජිකයින්

සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලත් ඕනෑම අයෙකු හට ඇතුලත් වීමේ ගාස්තුව පමණක් ගෙවා සාමාන්ය සාමාජිකත්වය ලබා ගත හැකිය. සාමාන්ය සාමාජිකයින් හට තනතුරු දැරීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියක් නොමැත. සාමාන්ය සාමාජිකයින් හට හෝ ඔවුන්ගේ පවුලේ අයවලුන් හට සුබසාධන අරමුදල් වලින් පහසුකම් ලැබීමට හිමිකමක් නොමැත.

මුදල් ගෙවන සාමාජිකයින්

සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලත් වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකු හට ඇතුලත් වීමේ ගාස්තුව සහ එක් වසරක සාමාජික මුදල එකවර ගෙවීමෙන් මුදල් ගෙවන සාමාජිකත්වය ලබා ගත හැකිය. මුදල් ගෙවන සාමාජිකයින් හට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය,සංගමයේ ඕනෑම තනතුරක් දැරීමේ අයිතිය සහ සුබසාධන අරමුදල් වලින් පහසුකම් ලැබීමේ වරප්‍රසාද හිමිවේ. මුදල් ගෙවන සාමාජිකයෙකු වසර දෙකක් අඛන්ඩව සාමාජික මුදල් නොගෙවීම හේතුවෙන් සාමාන්ය සාමාජිකයෙකු බවට පත් වේ.

ගෞරව සාමාජිකයින්

වසර 25 කට වැඩි කාලයක් සංගමයේ මුදල් ගෙවන, හෝ යාවජීව සාමාජිකයෙකු ලෙස සිටි සහ වයස අවුරුදු හැත්තෑවට වැඩි සාමාජිකයින් මහා සභා රැස්වීමකදී කරනු ලබන ඒ ඒ සාමාජිකයාගේ නමින් කරනු ලබන යෝජනා ස්ථීරත්වයෙන් ගෞරව සාමාජිකත්වය ලබා දිය හැකිය. ගෞරව සාමාජිකයින් හට සංගමයේ නිලතල දැරීමේ සහ සුබසාධක අරමුදල් වලින් පහසුකම් ලැබීමේ වරප්‍රසාද හිමිවේ.

ආශ්‍රිත සාමාජිකයින්

සාමාජිකයින්ගේ, වයස අවුරුදු 25 ට අඩු අවිවාහක දරුවන් ආශ්‍රිත සාමාජිකයින් වේ. නිලධාරී මන්ඩලයට තේරී පත්වීමේ සහ ඡන්දය දීමේ අයිතිය හැර ආශ්‍රිත සාමාජිකයාගේ දෙමව්පියන්ගේ සාමාජිකත්වයේ ස්වභාවය අනුව, දෙමව්පියන් හට ලැබෙන සෑම වරප්‍රසාදයක්ම ලැබීමට ආශ්‍රිත සාමාජිකයින්හටද අයිතිය ඇත්තේය.

යාවජීව සාමාජිකයින්

සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලත් වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකු හට ඇතුලත් වීමේ ගාස්තුව සහ යාවජීව සාමාජික ගාස්තුව එකවර ගෙවා යාවජීව සාමාජිකත්වය ලබා ගත හැකිය. යාවජීව සාමාජිකයින් හට සංගමයේ ඕනෑම තනතුරක් දැරීමේ සහ සුබසාධක අරමුදල් වලින් පහසුකම් ලැබීමේ වරප්‍රසාද හිමිවේ.

වරප්‍රසාද

සෞඛ්‍ය සහ රෝහල් ආධාර
1.කර්නල් ජෝර්ජ් රණතුංග සෞඛ්‍ය පරිත්‍යාග අරමුදල

2.නන්දන වික්‍රමතුංග වැඩිහිටි රෝහල් අරමුදල

3.බක්මීදෙණිය පවුල් සංගමය සෞඛ්‍ය රක්ෂණය
සිසුන් සඳහා ශිෂ්‍යත්ව
චන්ද්‍රා රණතුංග අධ්‍යාපන අරමුදල සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනමයි.

       Downloads